තෙවැනි තරගයත් විසඳුමකින් තොරයි


ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම හා සංචාරක පාකිස්තාන 'ඒ' කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පෙරේදා (23දා) අවසන් වූ තෙවැනි නිල නොවන සිවුදින ක්‍රිකට් තරගයද ජය පරාජයෙන් තොරව අවසන් විය.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම තම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 274 ක් රැස්කිරීමට සමත්විය. එයට පිළිතුරු ලෙස පාකිස්තානු 'ඒ' කණ්ඩායම තම පළමු ඉනිමට ලකුණු 580/8 ක් රැස්කර ඉනිම අත්හිටුවීය.

ඒ අනුව ලකුණු 307 ක් පසුපසින් නැවතත් දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම, ඊයේ (23දා) දිනය නිමා වනවිට  කඩුලු 05 ක් දැවී ලකුණු 411 ක් රැස්කරගෙන සිටියේය. එම ඉනිම වෙනුවෙන් කිත්රුවන් විතානගේ ලකුණු 136 ක් රැස්කිරීමට සමත්වූ අතර, කුසල් පෙරේරා නොදැවී ලකුණු 102 ක් රැස්කිරීමට සමත්විය.

මෙම තරගයත් සමග තරග තුනකින් සමන්විත වූ තරගාවලියේ සියලුම තරග ජයපරාජයෙන් තොරව අවසන් විය.

ශ්‍රී ලංකා 'ඒ' පළමු ඉනිම 273/10 (පන්දුවාර 74)

කුසල් පෙරේරා 90 (101), නිසල තාරක 76 (116), කිත්රුවන් විතානගේ 48 (67), මාධව වර්ණපුර 14 (49), ෆවාඩ් අලාම් 4/40 (21), ශෙහ්සාද් අස්ලම් 3/54 (14), ටබිෂ් ඛාන් 2/65 (14), මිර් හම්සා 1/64 (11)

පාකිස්තාන 'ඒ' පළමු ඉනිම 580/8 (පන්දුවාර 149.3)

ශාන් මසූද් 182 (357), උමාර් අමීන් 127 (133), අලි අසාද් 89 (147), අද්නන් අක්මාල් 54* (147), උස්මාන් සලහුදීන් 36 (68), ශෙහ්සාද් අසාම් 21 (30), ළහිරු ගමගේ 4/112 (30), දුෂ්මන්ත චමීර 1/88 (23.3), නිසල තාරක 1/70 (20), අශාන් ප්‍රියන්ජන් 1/69 (18), උදාර ජයසුන්දර 1/9 (2)

ශ්‍රී ලංකා 'ඒ' දෙවැනි ඉනිම 411/5 (පන්දුවාර 116)

කිත්රුවන් විතානගේ 136 (218), කුසල් පෙරේරා 102* (120), උදාර ජයසුන්දර 56 (105), ධනංජය ද සිල්වා 37 (75), ශෙහ්සාද් අසාම් 2/63 (18), උමාර් අමීන් 1/26 (12), මීර් හම්සා 1/67 (21), තබිෂ් ඛාන් 1/83 (20)



Recommended Articles