තීරණාත්මක තරගයේ ලංකාවෙන් අසාර්ථක ආරම්භයක්


නිදහස් කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට බංග්ලාදේශය සමත්වූ අතර ඔවුන් ශ්‍රී ලංකාවට මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාදුන්නේය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 6ක් අවසානයේ කඩුලු 4ට ලකුණු 35ක් රැස්කරගෙන අසිරු තත්ත්වයක පසුවෙයි.

කුසල් පෙරේරා හා ජිවන් මෙන්ඩිස් පන්දුවට පහරදෙමින් සිටිති. මුෂ්ටෆිසුර් රෙහමාන් පන්දුවාර 2කදී ලකුණු 4ට කඩුලු 2ක් දවාගත් අතර ශකිබ් අල් හසන් පන්දුවාර 2කදී ලකුණු 9ට කඩුල්ලක් දවාගත්තේය.

තරගාවලියේ ශකිබ් ක්‍රීඩා කරන පළමු තරගය මෙය වෙයි. 

දැවී ගිය ක්‍රීඩකයන්

ධනුෂ්ක ගුණතිලක 4

කුසල් මෙන්ඩිස් 11

උපුල් තරංග 5

දසුන් ශානක 0

261104



Recommended Articles