තිහාරිය යූත්, රෙඩ් ස්ටාර් හා රත්නම් පළමු කොටසේ සුපිරි 6 දෙනාගේ වටයේදී දක්ෂතා දක්වයි


ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන  පළමු කොටසේ (Division 1) පාපන්දු තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ පැවති තරග ත්‍රිත්වයකින් ජයග්‍රහණ වාර්තා කිරීමට තිහාරිය යූත්, රෙඩ් ස්ටාර් හා රත්නම් කණ්ඩායම් සමත් විය.

මෙම සියළු තරග ඊයේ (07) පැවැත්විණි.

මෙහිදී කොළඹ සී.ආර්. පිටියේදී පසුගියදා (06) පැවති  රෙඩ් සන් පරදා ගෝල 4-3 ක ජයක් වාර්තා කිරීමට රත්නම් සමත්විය.

එමෙන්ම නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ සෙරන්ඩිබ් සමග පැවති තරගයෙන් ගෝල 1-0 ක ජයක් වාර්තා කිරීමට රෙඩ්ස්ටාර් සමත් විය.

මේ අතර කැළණිය පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවති තරගයෙන් කොම්රාඩ්ස් පරදා ගෝල 3-2 ක ජයක් වාර්තා කිරීමට තිහාරිය යූත් සමත් විය.

IMG_8457 IMG_8464 IMG_8480 IMG_8487 IMG_8495 IMG_8533 IMG_8547 IMG_8552 IMG_8554 IMG_8562 IMG_8570 IMG_8577

 

ඡායාරූප- ඕෂිත වරකපිටිය



Recommended Articles