තිසරට ක්‍රිකට් ලෝලීන්ගෙන් සහ ප්‍රවීණයන්ගෙන් විරෝධය


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැති පළමු පන්දුවාර විස්සයි20 තරගයේ දී නායකයෙකු ලෙස තිසර ක්‍රියා කළ ආකාරය ගැන මෙරට ක්‍රිකට් ලෝලීන් මෙන්ම ක්‍රිකට් ප්‍රවීණයෝ ද සිය නොසතුට පළකර සිටිති.

දෙරට අතර පැවැති පළමු පන්දුවාර විස්සයි20 තරගයේ පළමු සැසියේ අවසන් භාගයේදී  නායක තිසර යැවූ පන්දුවකට ලෝන් ඕන් කලාපය වෙත දෝනි විසින් එල්ල කළ පන්දුව රැක ගැනීමට අකිල ධනංජය වේගයෙන් නොපැමිණීම සහ නිසි පරිදි පන්දුව භාර නොදීම හේතුවෙන් කේන්තියට පත් තිසර නුසුදුසු වචනයක් භාවිත කරමින් අකිලට බැන වදින ආකාරයක් දැකගත හැකිවිණි.

කණ්ඩායමේ නායකයා ලෙස මෙන්ම ක්‍රීඩකයෙකු ලෙසත්, තරගය කෙතරම් උද්වේගකර වුවද එවැනි වචන භාවිත කරමින් බැන වැදීම කිසිසේත් අනුමත් කළ නොහැකි බව ක්‍රිකට් ප්‍රවීණයෝ පෙන්වා දෙති. ඕනෑම ක්‍රීඩකයෙකු අතින් ඕනෑම අවස්ථාවකදී අත්වැරදීමක් සිදුවිය හැකි බැවින් එවැනි වචන භාවිත කිරීම නොකළ යුතු බවත් ඔවුහු වැඩි දුරටත් සදහන් කර සිටිති. එමෙන්ම ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී තිසර විසින් අත්හැරිය උඩ පන්දුවට කිසිවෙකුත් ඔහුට බැන නොවැදුනු බවත් ඔවුහු සදහන් කර සිටිති.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තිසරගෙන් නිදහසට කරුණු විමසිය යුතු බවත්, එවැනි අවස්ථාවන් ඉදිරියේදී සිදු නොවීමට වග බලාගැනීම ක්‍රිකට් ආයතනයේ වගකීමක් බවත් ක්‍රිකට් ප්‍රවීණයෝ පෙන්වා දෙති. 

cricket-ind-sri-t20_0cea31fe-e4c4-11e7-b094-c21f82b60b0b

 



Recommended Articles