තිසරගෙන් කඩුලු ත්‍රිත්වයක්


ඉන්දියාව හා පැවැත්වෙන දෙවැනි විස්සයි20 තරගයේදි මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 196ක් රැස්කළේය.

තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට තිසර පෙරේරා සමත්විය.

18 වැනි පන්දුවාරය යොමුකළ තිසර හාර්තික් පාණ්ඩ්‍යා, සුරේෂ් රයිනා හා යුවරාජ් සිං එකපිට දවාගනිමින් ඔහු මෙම කඩුලු ත්‍රිත්වය ලබාගත්තේය.

එය විස්සයි විස්ස පිටියේ වාර්තා වූ සිවුවැනි කඩුලු ත්‍රිත්වය වන අතර ඔහුට පෙර බ්‍රේට් ලී, ජැකොබ් ඕරම් හා ටිම් සවුති කඩලු ත්‍රිත්වයක් ලබාගෙන තිබුණි.



Recommended Articles