තිරිමාන්න එංගලන්ත තරගාවලියේ ඉවතට


කොන්දේ ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් පිතිකරු ළහිරු තිරිමාන්නට එංගලන්ත සංචාරය අහිමිවී තිබෙනවා.

ඒ වෙනුවට මේ වන විට ශ්‍රි ලංකා 'ඒ' කණ්ඩායමත් සමග එංගලන්තයට ගොස් සිටින නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ඊයේ නිමාවූ එංගලන්ත එක්දින තරගාවලියේ තෙවැනි තරගයකටද තිරිමාන්න ක්‍රීඩා නොකළේය.

ශ්‍රී  ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්, උපනායක දිනේෂ් චන්දිමාල්, තුන් ඉරියව් ක්‍රිඩක ෆර්විෂ් මහරුෆ්ද ආබාධවලට ලක්ව තිබෙනවා. කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයින් ඊයේ තරගයට එක්විය.

 

 



Recommended Articles