ඩේවස් කුසලානයේ පළමු දිනයේදී ශ්‍රී ලංකාව ස්ථාවර තත්වයක


ඩේවිස් කුසලාන අන්තර්ජාතික ටෙනිස් තරගාවලිය් ඉන්දුනීසියාව සමග පැවැත්වෙන තරගයේ පළමු දිනය නිමා වන විටදී ප්‍රභල ඉන්දුනීසියාවට දැඩි තරගයක් ලබා දීමට ශ්‍රී ලංකාව සමත් විය.

 ඒ තරගාවලියේ ආසියා/ශාන්තිකර කලාපයේ (දෙවැනි කාණ්ඩයේ) අද (07) පැවති තරග ද්විත්වයෙන් එකක් ජයගනිමිනි. මෙහිදී ලංකා බලාපොරොත්තු ඉහළ නැංවූ හර්ෂණ ගොඩමාන්න තමන් සහභාගි වූ ඒකළ තරග අදියරෙන් ඉන්දුනීසියාවේ ඩේවිඩ් සුසන්ටෝ පහසුවෙන් පරාජයට පත් කලේ තරග වට 2-0 (6-3,6-1) ක් ලෙසිනි.

කෙසේ වෙතත් මෙහි අනෙක් ඒකළ තරගයේදී ඉන්දුනීසියාවේ අංක එකේ ක්‍රීඩක ක්‍රිස්ටෝපර් රුන්ග්කට් සමග පැවති තරග අදියර අතරතුරදී ශ්‍රී ලංකාවේ ෂාමල් දසනායක ආබාධයකට ලක්වීම නිසා එම තරගයේ ජය ඉන්දුනීසියාවට හිමිවිය.

මෙහි තවත් තරග අදියර තුනක් හෙට (08) පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවට මෙම තරග ජය ගැනීමට නම් එයින් අදියර දෙකක් ජයගත යුතුය.

DSC_7341

හර්ෂණ ගොඩමාන්න

 

 



Recommended Articles