ඩිල්ෂාන්ට සියයට 20 ක දඩයක්


ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ට දඩ නියම කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නියමකර ඇත. ඊයේ (31දා) නවසීලන්තයට එරෙහිව පැවැති තරගයේදී ඔහු අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ආචාරධර්ම පද්ධතිය කඩකර ඇති බව සඳහන් කරමින් එම තරග ගාස්තුවෙන් 20% ක දඩයක් පනවා තිබේ.

තරගයේ සිවුවැනි පන්දුවාරයේදී ඩිල්ෂාන්ගේ අත්වැසුමේ වැදුණු පන්දුවක් වැලමිටේ වැදුණ පන්දුවක් ලෙස කඩුලු රකින් ක්‍රීඩක ලුක් රොන්චිට ඒත්තුගැන්වීමට උත්සාහ කිරීම හේතුවෙන් ඔහුට මෙම දඩය පනවා තිබේ. තිලකරත්න ඩිල්ෂාන් එම චෝදනාව පිළිගෙන ඇති අතර, දඩය ගෙවීමටද එකඟ වී තිබේ.



Recommended Articles