ඩිල්ෂාන්ට තිසරට දඩ


ශ්‍රී ලංකා කණ්ඩායමේ තිලකරත්න ඩිල්ෂාන් හා තිසර පෙරේරාට තරග ගාස්තුවෙන් පිළිවෙලින් 25%ක හා 20%ක දඩ නියම කොට තිබේ.

ඒ පළමු තරගයේදී සීමාව ඉක්මවා ඉල්ලීම් කිරීම හේතුවෙනි.

තරග තීරක වශයෙන් කටයුතු කරන ඩේවිඩ් බූන් විසින් මෙම දඩය පනවා තිබේ.

ඩිල්ෂාන් හා තිසර දඩය ගෙවීමට එකඟ වී තිබේ.

 

 

 



Recommended Articles