ඩිල්ෂාන්ට ගෞරවය දඹුල්ලේදී


එළැඹෙන ඉරිදා (28දා) දඹුලලේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරගයෙන් පසුව සිය එක්දින දිවියට සමුදෙන තිලකරත්න ඩිල්ෂාන් වෙනුවෙන් ගෞරවය පුද කිරීම එම තරගයේදී සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබේ. ඒ අනුව එම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට හා ශ්‍රී ලංකාවට ඩිල්ෂාන් කළ සේවය ඇගයීමට නියමිතය. කෙසේ වෙතත් සැප්තැම්බර් 9දා ආර්.ප්‍රේමදාස පිටියේදී ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි විස්සයි20 තරගයෙන් පසුව ඩිල්ෂාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සම්පූර්ණයෙන්ම විශ්‍රාම දෙනු ඇත.

 



Recommended Articles