ඩිලන්තට දෙවැනි තැන


තායිලන්තයේ පැවැති ලැම්බෝගිනි සුපර් ට්‍රොෆියෝ තරගයේදි දෙවැනිස්ථානය හිමිකර ගැනිමට තම කණ්ඩායමට හැකිවූ බව ඩිලන්ත මාලගමුව සඳහන් කරනවා. ශ්‍රී ලංකා කොඩිය යටතේ ජාත්‍යන්තර තරග බිමට එක්වෙන ඩිලන්තගේ ඩිලන්ගෝ රේසින් කණ්ඩායමට ඊයේ දිනයේදී තෙවැනි ස්ථානයත්, අද දිනයේදී පළමු ස්ථානයත් හිමිව තිබේ.

කෙසේ වෙතත් අද තරගය ආරම්භ කිරිමට මත්තෙන් ඔහුට ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල්ගත වීමටත් සිදුව තිබේ. තරගය ආරම්භ වීමට පැයකට මත්තෙන් ඔහු රෝහලෙන් පිටතට පැමිණ ඇත.

තරගයේදී හයවැනියා ලෙස තරගය ආරම්භ කර ඇති ඩිලන්ත එහි තෙවැනිස්ථානයත්, ඔහුගේ කණ්ඩායම් සගයා වන ඉන්දීය ජාතික අර්මාන් දෙවැනි ස්ථානයටත් අද දිනයේදි තරගය නිම කිරිම හේතුවෙන් අවසන් ලකුණු සටහනට අනුව ඩිලන්තගේ කණ්ඩායමට දෙවැනි ස්ථානය හිමිව තිබේ.

13620135_10155048024709202_2786158614753961790_n 13731457_10155048024369202_184922013858344692_n 13775857_10155048024484202_8139400075073416272_n

 

 

 



Recommended Articles