ඩයලොග් මාධ්‍ය මිත්‍රත්ව කුසලානය විජය පුවත්පත් සමාගමට


'ඩයලොග්' ආසියාටා සමාගම සහ ගෘප් 'එම්' (GroupM) ආයතනය එක්ව පළමුවරට සංවිධානය කළ 'ඩයලොග් මාධ්‍ය මිත්‍රත්ව කුසලාන' සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට 'විජය පුවත්පත්' කණ්ඩායම සමත් විය. අවසන් තරගයේදී 'අයි.ටී.එන්.' මාධ්‍ය ජාල කණ්ඩායම ඔවුන් හමුවේ පරාජයට පත්විය.

කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පෙරේදා (09දා) පැවැති මෙම තරගාවලියේ අවසන් මහා තරගය අඳුරු ආලෝක තත්ත්වය හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 03කට (පන්දු 03) සීමා වූ අතර, එහිදී පළමුව පන්දුවට පහරදුන් 'අයි.ටී.එන්.' කණ්ඩායම නියමිත පන්දුවාර සංඛ්‍යාව තුළදී එක් කඩුල්ලක් දැවී ලකුණු 09ක් රැස්කිරීමට සමත් විය. ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ 'විජය පුවත්පත්'^ කණ්ඩායම පන්දුවාර 2.2කදී ලකුණු 10/0ක් රැස්කර ජයග්‍රහණය සම්පූර්ණ කරගත්තේය.

මේ අතර තරගාවලියේ සම තෙවැනි ස්ථානය දිනාගැනීමට 'මව්බිම' පුවත්පත් 'බී' කණ්ඩායම හා 'දෙරණ' ආයතන කණ්ඩායම සමත් විය.

තරගාවලියේ වීරයා ලෙස සංජීව රණසිංහ (අයි.ටී.එන්.) සම්මාන දිනාගත්තේය. මීට අමතරව දක්‍ෂතම පන්දු යවන්නා ලෙස 'විජය' පුවත්පත් කණ්ඩායම් නායක දර්ෂණ සංජීව, දක්‍ෂතම පිතිකරු ලෙස සුනෙත් චිංතක (වොයිස් ඔෆ් ඒෂියා), දක්‍ෂතම පන්දු රකින්නා ලෙස තිලිණ කුෂාන් (අයි.ටී.එන්.) සම්මාන දිනාගත්හ.

සමස්ත තරගාවලිය සඳහා කණ්ඩායම් 48ක් සහභාගි වූ අතර, සෑම කණ්ඩායමක්ම ක්‍රීඩකයන් 06ක් හා ක්‍රීඩිකාවකගෙන් සමන්විත විය.

IBA_6329

IBA_6278 IBA_6327

 

 

 

 



Recommended Articles