ඩන්කන් වයිට් ජන්ම ශත සංවත්සරයට විශේෂ මුල් දින කවරයක්


ශ්‍රී ලංකාවේ ප්‍රථම ඔලිම්පික් පදක්කම්ලාභියා වන ඩන්කන් වයිට් මහතාගේ ජන්ම ශත සංවත්සරය අද (01දා) දිනයට යෙදී තිබෙන අතර, ඒ වෙනුවෙන් විශේෂ මුල් දින කවරයක් නිකුත් කිරීම ඊයේ (28දා) සවස ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

නියෝජ්‍ය තැපැල්පති (පාලන) වී. විවේකානන්දලිංගම් මහතා විසින් එය ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී. 

මේ අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත විජේරත්න යන මහත්වරුන් සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හා තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

සමරු මුද්දරයක්

(ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය)

 



Recommended Articles