ටෙස්ට් තරගාවලියකට ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවට


2015 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේදී ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම පළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පවසා සිටින්නේ ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ලැබූ ඇරයුම පිළිගෙන ඉන්දියාවත් සමග එක්දින තරගාවලියක් පැවැත්වීමට එකඟ වූ හෙයින් ශ්‍රී ලංකාවේ ආරාධනාව ඉන්දියාව පිළිගනීවි යැයි යනුවෙනි.

මෙි පිළිබඳව මූලික මට්ටමේ සාකච්ඡා පවත්වා තිබෙන බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය කියයි. කෙසේ වෙතත් මෙම තරගාවලියට එක්දින තරග හො පන්දුවාර විස්සයි20 තරග ඇතුළත නොවේ.

 

 



Recommended Articles