ලෝකයේ ටෙස්ට් ක්‍රීකට් ක්‍රීඩා කරන 12 වැනි රට බවට ඇෆ්ගනිස්තාන කණ්ඩායම අද (14දා) පත්විය. ඒ ඔවුන්ගේ මංගල ටෙස්ට් තරගය අද ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන හෙයිනි.
ඉන්දියාවේ බැංගලෝර්හි මෙම තරගය පැවැත්වෙයි. පසුගිය මාසයේදී අයර්ලන්තය ටෙස්ට් වරම් හිමිකර ගත් අතර ඒ ලෝකයේ ටෙස්ට් ක්‍රීඩා කරන 11 වැනි රට බවට පත්වෙමිනි. අයර්ලන්තය සිය මංගල ටෙස්ට් තරගයට පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කළේය.
ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 12න් පහක්ම ආසියාව නියෝජනය කරයි.