ටෙස්ට් එක්දින හා විස්සයි20 සංචිත නම් කෙරේ


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත නවසීලන්ත සංචාරය වෙනුවෙන් නම්කළ ශ්‍රී ලංකා සංචිත ඊයේ (17දා) ප්‍රකාශයට පත් කෙරිණි. ටෙස්ට්, එක්දින හා විස්සයි20 තරග කාණ්ඩ ත්‍රිත්වයේම සංචිත මේ යටතේ එළිදැක්විණි. සුපුරුදු පරිදි ටෙස්ට් හා එක්දින කණ්ඩායම් ඇන්ජලෝ මැතිව්ස් විසින් මෙහෙයවන අතර, ලසිත් මාලිංග විසින් විස්සයි20 කණ්ඩායම මෙහෙයවනු ලබයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය එළඹෙන දෙසැම්බර් මාසයේදී ඇරඹෙන අතර, එය ලබන ජනවාරි මාසය දක්වා පැවැත්වේ.

ශ්‍රී ලංකා සංචිත

ටෙස්ට්

ඇන්ජලෝ මැතිව්ස් (නායක), කුසල් මෙන්ඩිස්, උදාර ජයසුන්දර, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, මිලින්ද සිරිවර්ධන, කිතුරුවන් විතානගේ, දිමුත් කරුණාරත්න, ධම්මික ප්‍රසාද්, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, ජෙෆ්රි වැන්ඩර්සේ

එක්දින

ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න (උපානායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, මිලින්ද සිරිවර්ධන, ධනුෂ්ක ගුණතිලක, සචිත්‍ර සේනානායක. අජන්ත මෙන්ඩිස්, ධම්මික ප්‍රසාද්, ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, චාමර කපුගෙදර, ජෙෆ්රි වැන්ඩර්සේ

විස්සයි20

ලසිත් මාලිංග (නායක), කුසල් ජනිත් පෙරේරා, ශෙහාන් ජයසූරිය, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, කිතුරුවන් විතානගේ, තිලකරත්න ඩිල්ෂාන්, නුවන් කුලසේකර, දුෂ්මන්ත චමීර, තිසර පෙරේරා, ජෙෆ්රි වැන්ඩර්සේ, සචිත්‍ර සේනානායක, ඉසුරු උදාන

 



Recommended Articles