ජීවන් ඩර්බිෂයර් කණ්ඩායමට එක්වෙයි


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ජිවන් මෙන්ඩිස් කෙටි කාලීන ගිවිසුමක් සඳහා එංගලන්තයේ ඩර්බිෂයර් ප්‍රාන්තයට සිය සේවය ලබා දීමට කටයුතු කර තිබේ. 

ඒ අනුව 2017 වසරේ අප්‍රේල් සිට ජුනි දක්වා වන කාලයේදී ජීවන් සිය දායකත්වය ඩර්බිෂයර් කණ්ඩායමට ලබාදීමට නියමිතය. එක්දින තරග 54කදී හා විස්සයි20 තරග 16කදී මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කර ඇත.



Recommended Articles