ජාවාලේන් හමුවේ නාවික හමුදාව පසුබසියි


ඩයලොග් ශූරයින්ග් කුසලාන පාපන්දු තරගාවලියේ නාවික හමුදා කණ්ඩායම පරදා ගෝල 1-0ක ජයක් වාර්තා කිරීමට ජාවාලේන් සමත් විය. ඒ තරගාවලියේ 16 වැනි සතියේ තරගයක් ලෙස ඊයේ (17) පැවති තරගයකදීය.

කොළඹ කොම්පඤ්ඤවීදිය සිටි පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ ආරම්භයේ පටන් ගෝල ලබා ගැනීමට තිබූ අවස්ථාවක් කිහිපයක්ම කණ්ඩායම් දෙකෙන්ම ගිලිහී ගියේය.

ඒ අනුව පළමු අර්ධය නිමාවූයේ කණ්ඩායම් දෙකම ගෝල ලබා ගැනීමට නොහැකිවය.

කෙසේ නමුත් දෙවැනි අර්ධයේ 71 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ජාවාලේන් ක්‍රීඩක පී.ජේ. චමින්ද ජයග්‍රාහී ගෝලය සිය කණ්ඩායම වෙත ලබා දීමට සමත් විය.

ජාවාලේන් මෙවර තරගාවලියේදී වාර්තා කළ සිව්වැනි ජයග්‍රහණය මෙය වේ. එමෙන්ම නාවික හමුදා කණ්ඩායම ලැබූ 9 වැනි තරග පරාජය මෙය වේ.

IMG_6079 IMG_6097 IMG_6105 IMG_6110 IMG_6113 IMG_6116 IMG_6133 IMG_6142 IMG_6145 IMG_6159 IMG_6171 IMG_6194

 

ඡායාරූප- ඕෂිත වරකපිටිය



Recommended Articles