ජාතික ස්කොෂ් ශූරයා රවිඳු, ශූරිය මිහිලියා


ජාතික ශූරයා ලෙස රවිඳු ලක්සිරි හා ජාතික ශූරිය ලෙස මිහිලියා මෙත්සරණි සම්මාන දිනාගනිමින් ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය 37 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ  'ජාතික ස්කොෂ් ශූරතාවලිය' කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණ ස්කොෂ් ක්‍රීඩාංණයේදී ඊයේ (19දා) සන්ධ්‍යාවේ නිමාවට පත්විය.

රවිඳු ලක්සිරි අවසන් තරගයේදී ෂමිල් වකීර් තරග වට 3/1ක් ලෙස පහසුවෙන් පරාජය කිරීමට සමත් විය. කෙසේ නමුත් මෙහි පළමු වටය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර, එම වටය ලකුණු 12/10ක් ලෙස ජය ලැබීමට ෂමිල් සමත් විය. නමුත් ඉතිරි වට ත්‍රිත්වය ලකුණු 11/01, 11/05ක් හා 11/03ක් ලෙස පහසුවෙන් ජයගැනීමට රවිඳු සමත් විය.

රවිඳු ජාතික ස්කොෂ් ශූරයා ලෙස සම්මාන දිනාගත් අඛණ්ඩ 05 වැනි අවස්ථාව වේ.

අඛණ්ඩව 06 වැනි වරටත් ජාතික ස්කොෂ් ශූරිය ලෙස කිරුළු පැළුදූ මිහිලියා මෙත්සරණි, අවසන් තරගයේදී ෆතුම් ෆාහිම් 11/06, 11/06, 12/10 ලෙස තරග වට 3/0කින් පරාජය කිරීමට සමත් විය.

මෙවර තරගාවලියේ අනුග්‍රාහය හා සංවිධාන කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදුකලේය.

ත්‍යාග හා කුසලාන ප්‍රධානය සඳහා යුද හමුදාපති මහේෂ් සේනානායක, ජාතික ස්කොෂ් සංගමයේ සභාපති එයාර් කොමඩෝර් (විශ්‍රාමික) ඒ. අබේසේකර, එහි ලේකම් කමාන්ඩර් (විශ්‍රාමික) ඩබ්.එස්.පී. ජයවර්ධන ඇතුලු ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධ උසස් නිලධාරින් රැසක් සහභාගි වූහ.

AID_7551 AID_7560

කාන්තා අංශයේ අනුශූරතාව දිනූ ෆාතුම් ෆහීම්

AID_7563

කාන්තා අංශයේ ශූරතාව දිනූ මිහිලියා මෙත්සරණි

AID_7571

පිරිමි අංශයේ අනුශූරතාව දිනූ ෂමිල් වකීල්

AID_7575

පිරිමි අංශයේ ශූරතාව දිනූ රවිඳු ලක්සිරි

AID_7578 AID_7583 AID_7594

ජාතික  ශූරයා වූ රවිඳු ලක්සිරි හා ජාතික ශූරිය වූ මිහිලියා මෙත්සරණි 

 

ඡායාරූප- ඉසුරු පෙරේරා

 



Recommended Articles