ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය - 2017 නව තරගාවලි වාර්තා 21ක්


නව තරගාවලි වාර්තා 21ක් සමගින් ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පසුගිය (26දා) නිමාවට පත්විය.

දින 4ක් පුරාවට පැවති මෙම තරගාවලියේදී තිබූ වාර්තා සම කිරීම් 2ක්ද වාර්තා වූ අතර  සිව්වැනි හා අවසන් දිනයේදී නව තරගාවලි වාර්තා 7ක් බිහිවිය.  

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාවට හිමි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් පිරිනමන අභියෝගතා කුසලානයේ මෙවර හිමිකාරිණිය  බවට පත්වීමට තුන් පිම්ම ඉසව්වේ මීටර් 13.20ක දුරක් වාර්තා කරමින් නව තරගාවලි වාර්තාවක් පිහිටවූ වෙන්නප්පුව ශූ.පවුලේ කන්‍යාරාමයේ බී.එම්. හෂිනි ප්‍රබෝධා සමත් වූවාය.

මේ අතර මෙහි 18න් පහළ තරග ඉසව්ව කෙන්යාවේදී පැවැත්වෙන ලෝක යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය, පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උලෙළ, තායිලන්තයේදී පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා උලෙළ හා තායිලන්තයේදී පැවැත්වෙන 2018 යොවුන් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙසින් පැවැත්විය.

මෙහිදී ස්ථිර වශයෙන්ම ක්‍රීඩකයන් තිදෙනෙක් කෙන්යාවේදී එළඹෙන ජූලි මසදී පැවැත්වෙන යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගත්හ.එනම් අෂ්මිකා හේරත්, නවෝද්‍ය සංකල්ප හා රෂ්මික ඉන්ද්‍රජිත් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනායි.   

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලියට වයස් කාණ්ඩ 4ක (16 න් පහළ, 18 න් පහළ, 20 න් පහළ, 23 න් පහළ) ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2800 කට අධික පිරිසක් සහභාගි වී සිටියහ.

තරගාවලියේ එක් එක් අංශයන් හි  දක්ෂතම ක්‍රීඩකයා  හා ක්‍රීඩිකාව

16 න් පහළ

ක්‍රීඩිකාව - එස්.එච්.සදිනි කවීෂා - දික්වැල්ල ම.ම.වි. (දුර පැනීම මී.5.48- නව තරග වාර්තාවකි)

ක්‍රීඩකයා - ශෙමාල් මිලින්ද පෙරේරා -ශා.මරියා විද්‍යාලය  හලාවත (මීටර් 200 - තත්පර 22.68)

18 න් පහළ

ක්‍රීඩිකාව- එච්.එම්. අෂ්මිකා හේරත් - කුලියාපිටිය ම.ම.වි.(මීටර් 2000 බාධක දිවීම - මිනිත්තු 6.59.96  නව තරග වාර්තාවකි.)

ක්‍රීඩකයා - ශෙහාන් කාරියවසම් - ශා. ජෝශප් විද්‍යාලය කොළඹ (මීටර් 110 කඩුළු මතින් දිවීම - තත්පර 14.41- නව තරග වාර්තාවකි.)

20 න් පහළ

ක්‍රීඩිකාව - හෂිනි ප්‍රබෝධා බාලසූරිය - ශු.පවුලේ කන්‍යාරාමය(වෙන්නප්පුව- තුන් පිම්ම - මීටර් 13.20 නව තරග වාර්තාවකි.)

ක්‍රීඩකයා - නිපුන් කාවින්ද කල්දේරා - ලොයෙලා විද්‍යාලය -කොච්චිකඩේ (දුර පැනීම - මීටර් 7.52 නව ශ්‍රී ලංකා වාර්තාවකි)

23 න් පහළ

ක්‍රීඩිකාව - පී.ජී. මධුෂිකා - ශ්‍රී ලංකා ගුවන් හමුදාව- මීටර් 400 - තත්පර 55.16 නව තරග වාර්තාවකි

ක්‍රීඩකයා- එල්.ජී. ධනංජය - දුර පැනීම - මීටර් 7.83 නව තරග වාර්තාවකි.

ඡායාරූප - ශමීර රාජපක්ෂ

DSC_1691 DSC_1716 DSC_1748 DSC_1767 DSC_1771 DSC_1802 DSC_1831 DSC_1845 DSC_1887 DSC_1902 DSC_1906 DSC_1908 DSC_1909 DSC_1912 DSC_1913 DSC_1917 DSC_1923 DSC_1928



Recommended Articles