කටාන ඒකාබද්ධ කණ්ඩායම විවෘත ශූරයෝ වෙති


UPDATE

නාත්තණ්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජය තියුණු තරගයකින් පසු පරාජයට පත් කරමින් මෙවර ජනාධිපති රන් කුසලානයේ විවෘත පිරිමි අංශයේ කිරුළ තමන් සතු කර ගැනීමට කටාන ඒකාබද්ධ කණ්ඩායම සමත් විය. කොළඹ සුගතදාස පිටියේදී අද (18) පැවති තරගාවලියේ අවසන් මහා තරගයෙන් කටාන යුනයිටඩ් ජය වාර්තා කලේ තරග වට 3-2 ක් ලෙසිනි. ආරම්භයේ සිටම දෙපිළටම විවෘත වූ තරගයක් වූ මෙහි පළමු වටය ලකුණු 25-21 ක් ලෙස කටාන යුනයිටඩ් විසින් ජය හිමි කර ගත්තේය.

කෙසේ වෙතත් දෙවැනි හා තෙවැනි වටයන් පිළිවෙලින් 23-25 ක් හා 24-26 ක් ලෙස ජය හිමි කර ගත් නාත්තණ්ඩිය ඒකාබද්ධ ක්‍රීඩකයෝ තරගයේ වැඩි වාසි තමන් සතු කර ගත්තද සිව්වැනි වටය ලකුණු 25-21 ක් ලෙස කටාන විසින් ජය ගැනීමත් සමත පස්වැනි වටය දක්වා තරගය ඇදී යන ආකාරයක් දක්නට ලැබිණි.

එහිදී කටාන විසින් තරගයේ අවසන් වටය ලකුණු 15-12 ක් ලෙස ජය තහවුරු කර ගත්තේය. 

IMG_6734 IMG_6741 IMG_6748 IMG_6757 IMG_6758 IMG_6759 IMG_6772 IMG_6773 IMG_6798 IMG_6822 IMG_6826 IMG_6850

ඡායාරූප- ඕෂිත වරකපිටිය

 


කාන්තා විවෘත ශූරතාව කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජයට

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ කාන්තා විවෘත අංශයේ ශූරතාව දිනා ගැනීමට කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය සමත් විය. ඒ එම අංශයේ අවසන් මහා තරගයේදී සියඹලන්ගොඩ කපිල ක්‍රීඩා සමාජය තරග වට 3-2 ක් ලෙස පරාජයට පත් කරමිනි.

ඉතා තියුණු මුහුණුවරක් ගත් තරගයේ පළමු වටය ලකුණු 25-11 ක් ලෙස පහසුවෙන් ජය ගැනීමට කොස්වාඩිය ක්‍රීඩා සමාජය සමත් වූහ.

කෙසේ නමුත් දෙවැනි වටයේදී කොස්වාඩියට දැඩි තරගයක් කපිල ක්‍රීඩා සමාජය ලබා දුන්නද එම වටය ලකුණු 27-25 ක් ලෙස විජය ක්‍රීඩා සමාජය ජය හිමි කර ගත්තේය.

නමුත් ඉතිරි තරග වටයන් විජය ක්‍රීඩා සමාජයට පහසුවෙන් ජය ගැනීමට ඉඩ ලබා නොදුන් කපිල ක්‍රීඩා සමාජයේ ක්‍රීඩිකාවන් පිළීවෙලින් 25-19 ක් හා 25-23 ක් ලෙස තුන්වැනි හා සිව්වැනි වටයන්හි ජය හිමි කර ගත්හ.

ඒ අනුව ජයග්‍රාහකයින් තෝරා ගැනීම සඳහා 5 වැනි වටය දක්වා තරග ඇදී ගිය අතර එහිදී ලකුණු 15-09 ක් ලෙස 5 වැනි වටය ජයගැනීමට විජය ක්‍රීඩා සමාජය සමත් විය.

IMG_6577 IMG_6580 IMG_6588 IMG_6597 IMG_6605 IMG_6608 IMG_6612 IMG_6622 IMG_6631 IMG_6639 IMG_6647 IMG_6685 IMG_6727

 

ඡායාරූප- ඕෂිත වරකපිටිය

 


22 න් පහළ පිරිමි ශූරතාව නාත්ණ්ඩිය ඒකාබද්ධ ක්‍රීඩා සමාජයට

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ පිරිමි අවුරුදු 22 න් පහළ ශූරතාව දිනා ගැනීමට නාත්තණ්ඩිය ඒකාබද්ධ ක්‍රීඩා සමාජය සමත් විය. ඒ අවසන් මහා තරගයේදී හුංගම විජයබා කණ්ඩායම පරදා තරග වට 3-0 ක පහසු ජයක් හිමි කර ගනිමිනි.

තරගයේ ආරම්භයේ පටන් නාත්තණ්ඩිය කණ්ඩායම එල්ල කළ පීඩනයට පහසුවෙන් මුහුණ දීමට හුංගම කණ්ඩායම අසමත් වූ අතර ඒ අනුව පළමු අර්ධය ලකුණු 25-18 ක් ලෙස නාත්තණ්ඩිය කණ්ඩායමට ජය හිමිවිණි.

දෙවැනි වටයද නාත්තණ්ඩිය කණ්ඩායමට පීඩනයක් එල්ල කිරීමට හුංගමට නොහැකි වූ අතර එම වටය නාත්තණ්ඩිය ජය ගත්තේ ලකුණු 25-19 ක් ලෙසිනි.

කෙසේ නමුත් අවසන් වටය යම් තරමකට තියුණු ස්වාභාවයක් ගත්තද අවසන් මොහොතේදී එම වටයද ලකුණූ 25-22 ක් ලෙස ජයගැනීමට නාත්තණ්ඩිය යුනයිටඩ් කණ්ඩායම සමත් විය.

IMG_6471 IMG_6472 IMG_6479 IMG_6484 IMG_6489 IMG_6491 IMG_6495 IMG_6506 IMG_6509 IMG_6512 IMG_6546 IMG_6552

 

ඡායාරූප - ඕෂිත වරකපිටිය


ජනාධිපති කුසලාන වොලිබෝල් තරගාවලියේ පළමු ජය බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජයට

ජනාධිපති කුසලාන වොලිබොල් තරගාවලියේ අවුරුදු 22 න් පහළ කාන්තා ශූරතාව දිනා ගැනීමට බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජය සමත් විය. ඒ අද (18) පැවති පළමු අවසන් මහා තරගයේදී කුරුණෑගල කැෂුවලයින් ක්‍රීඩා සමාජය පරදා තරග වට 3-2 ක ජයක් හිමි කර ගනිමිනි. ඉතා තියුණු මුහුණුවරක් ගත් තරගයේ පළමු වට ද්විත්වයේම ජය 25-20,25-20 ක් ලෙස බෝයගනේ ක්‍රීඩා සමාජය සතු වුවද ඉතිරි තරග ද්විත්වයේ ජය 25-22 ක් හා 25-22 ක් ලෙස කුරුණෑගල කණ්ඩායම සතු වූ බැවින් තරගයේ ජයග්‍රහණය පස්වැනි වටය දක්වා දිගහැරුණි එහිදී අවසන් වටය ලකුණු 15-07 ක් ලෙස දිනා ගැනීමට බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජය සමත් විය.

IMG_6363 IMG_6364 IMG_6368 IMG_6378 IMG_6391 IMG_6392 IMG_6402 IMG_6421 IMG_6424 IMG_6435 IMG_6448 IMG_6455

 

ඡායාරූප- ඕ්ෂිත වරකපිටිය

 



Recommended Articles