ජනාධිපති කුසලානයේ අවසන් පූර්ව වටයට ශා.පීතර සුදුසුකම් ලබයි


මයිලෝ අන්තර්පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ජනාධිපති කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට බම්බලපිටිය ශා.පීතර විදුහල සමත් විය. ඒ මහනුවර ත්‍රිත්ව විදුහල පරදා ලකුණ 38-24 ක ජයක් හිමි කර ගනිමිනි.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදි පැවති තරගයේ පළමු අර්ධයේ පෙරමුණ 24-21 ක් ලෙස ත්‍රිත්ව විදුහල විසින් හිමි කර ගත්තද දෙවැනි අර්ධයේදී ශා.පිතර ක්‍රීඩකයින් විසින් තරගය සිය වාසියට හරවා ගැනිමට සමත් විය.

ඡායාරූප - ඕෂිත වරකපිටිය

 



Recommended Articles