චෙන්නායි ලකුණු හතකින් රාජස්ථාන් පරදයි


රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරාජය කර ඊයේ (23දා) රාත්‍රියේ ඩුබායිහිදී පැවැති තරගයෙන් ලකුණු හතක ජයක් හිමිකර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය.

ලකුණු 141ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් පිතිකරුවන්ට පන්දුවාර 19.5 අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 133ක් පමණි.

දක්‍ෂ පන්දු යැවීමක නිතරවෙමින් රාජස්ථාන් ඉනිම අසරණකර දැමූ රවින්ද්‍ර ජඩේජා 33/4 ලෙස කඩුලු දවාලීමට සමත්විය.

රාජස්ථාන් ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 140 රැස්කිරීමට සමත්විය. තුන් ඉරියව්වෙන්ම දක්‍ෂතා දැක්වූ ජඩේජා තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකරගත්තේය.

චෙන්නායි 140/6 (පන්දුවාර 20)

ඩ්වේන් ස්මිත් 50 (පන්දු 28, 4x6, 6x3)

රවින්ද්‍ර ජඩේජා නොදැවී 36 (පන්දු 33, 4x2)

මිතුන් මන්හාස් 10 (පන්දු 10, 4x1)

රජට් භාතිය 13/2 (පන්දුවාර 4)

ප්‍රවීන් තම්බේ 27/1 (පන්දුවාර 4)

 

රාජස්ථාන් රෝයල්ස් 133/10 (පන්දුවාර 19.5 )

ධවාන් කුල්කර්නි 28 (පන්දු 19, 6x2)

රජට් භාතිය 23 (පන්දු 20, 4x1, 6x1)

ස්ටීවන් ස්මිත් 19 (පන්දු 20, 4x1)

රවින්ද්‍ර ජඩේජා 33/4 (පන්දුවාර 4)

ඊෂ්වර් පාන්ඩේ 22/1 (පන්දුවාර 4)

 

 



Recommended Articles