චෙන්නායි කණ්ඩායමට ලකුණු 54 ක ජයක්


දකුණු අප්‍රිකානු ඩොල්ෆින්ස් කණ්ඩායම පරාජය කර බැංගලෝර්හි චින්නස්වාමී ක්‍රීඩාංගණයේ පෙරේදා (22දා) රාත්‍රියේ පැවැති තරගයෙන් ලකුණු 54 ක ජයක් ලැබීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය.

ලකුණු 243 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ඩොල්ෆින්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 188 ක් පමණි.

ඩොල්ෆින්ස් ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් චෙන්නායි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 242ක් රැස්කිරීමට සමත් විය. විශිෂ්ට පිතිහරඹයක නිරත වූ සුරේෂ් රයිනා පන්දු 43 කදී ලකුණු 90 ක් රැස්කිරීමට සමත් විය. ඒ හේතුවෙන් ඔහු තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

චෙන්නායි කණ්ඩායම රැස්කළ ලකුණු සංඛ්‍යාව චැම්පියන්ස් ලීග් තරගාවලි ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව සම කිරීමක් වූ අතර, මීට ඉහතදී නවසීලන්තයේ ඔටාගෝ කණ්ඩායම පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාවේ පර්ත් ස්කොචර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 242ක් රැස්කර තිබුණි.

චෙන්නායි සුපර් කිංග්ස් 242/6 (පන්දුවාර 20)

සුරේෂ් රයිනා 90 (පන්දු 43, 4x4, 6x8)

බ්‍රෙන්ඩම් මැකලම් 49 (පන්දු 29, 4x5, 6x3)

රවින්ද්‍ර ජඩේජා 40* (පන්දු 14, 4x3, 6x3)

ෆෆ් ඩු ප්ලෙසි 30 (පන්දු 19, 4x3, 6x1)

රොබට් ෆ්‍රයිලින්ක් 2/52 (පන්දුවාර 4)

ඩොල්ෆින්ස් 188/10 (පන්දුවාර 20)

කොඩි චෙට්ටි 38 (පන්දු 28, 4x3, 6x2)

කැමරන් ඩෙල්පොර්ට් 34 (පන්දු 9, 4x5, 6x2)

වැන් ජර්ස්වෙල්ඩ් 30 (පන්දු 22, 4x1, 6x2)

මෝහිත් ශර්මා 4/41 (පන්දුවාර 4)

ඩ්වෙන් බ්‍රාවෝ 2/17 (පන්දුවාර 4)

අශිෂ් නෙහෙරා 2/42 (පන්දුවාර 4)



Recommended Articles