චරිත් කපුකොටුවගෙන් ශ්‍රී ලංකා වාර්තාවක්


92 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (13දා) සන්ධ්‍යාවේදී පැවැති මිටිය විසිකිරීමේ ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට යුද හමුදාව නියෝජනය කළ චරිත් කපුකොටුව සමත්විය. ඒ මීටර් 51.54 දුරක් වාර්තා කරමිනි.  

මෙහි පෙර වාර්තාවද කපුකොටුව විසින්ම 2012 ව‍සරේදී පිහිටුවා තිබූ අතර, එවර ඔහු මීටර 50.44 දුරක් වාර්තා කර තිබුණි. අද ශූරතාවලියේ අවසන් තරග ඉසව් 14 පැවැති අතර, හෙට (14දා) ශූරතාවලියේ අවසන් දිනයයි.

 

ඡායාරූපය ඒශාන් ප්‍රනාන්දු



Recommended Articles