චන්දිමාල් හැළෙයි මාලිංග රැඳෙයි


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර ආරම්භවීමට නියමිත තරග පහකින් සමන්විත එක්දින තරගාවලියට නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයෙන් දිනේෂ් චන්දිමාල් ඉවත්කර තිබේ. මෑත කාලීනව ක්‍රිකට් පිටියේදී චන්දිමාල් දිගින් දිගටම අසාර්ථක විය. 

මේ අතර ක්‍රිකට් ආයතනය විසින් විනය පරික්ෂණයක් පවත්වන බවට නම් කළ ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සංචිතයට නම් කර ඇත. විනය පරීක්ෂණයේ ප්‍රතිඵල මත ඔහු තරගාවලියට ක්‍රීඩා කිරීම හෝ නොකිරීම තීරණය වෙයි. ඔහු වැරදිකරු වුවහොත් සුරංග ලක්මාල් කණ්ඩායමට කැඳවීමට නියමිතය.

නවක ක්‍රීඩකයෙක් ලස වනිඳු හසරංග කණ්ඩායමට නම්කර ඇත. ආබාධයකට ලක්ව සිටි දුෂ්මන්ත චමීරද එයින් සුවය ලබා නැවතත් සංචිතය එක්ව තිබේ.

ශ්‍රි ලංකා සංචිතය - ඇන්ජලෝ මැතිව්ස් (නායක) උපුල් තරංග (උපනායක) නිරෝෂන් දික්වැල්, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, ණුවන්  ප්‍රදීප්, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර, ළහිරු මධුශංක

ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ

_KSR0868 _KSR0874 _KSR0884 _KSR0892 _KSR0897 _KSR0911 _KSR0914 _KSR0917 _KSR0930 _KSR0943 _KSR0946 _KSR0958 _KSR0961

 



Recommended Articles