චන්දිමාල් ශතකයක් ලැබුවත් තරගයේ පාලනය කොදෙව්වන්ගෙන්


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විටත් තරගයේ පාලනය තමන් සතු කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 253ක් රැස්කිරීමට සමත්විය. නායක දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 119ත් රැස්කිරීමට සමත්විය.

කුසල් මෙන්ඩිස් ලකුණු 45ක් රැස්කළේය. කොදෙව්වන් වෙනුවෙන් විශිෂ්ඨ ඵන්දු යැවීමක නිරත වූ කෙමර් රොච් කඩුලු හතරක් හා ශානෙන් ගේබ්‍රියල් කඩුලු 5ක් දවා ගැනීමට සමත්විය. දිනය නිමාවන විට කොදෙව්වන් කිසිවෙකු නොදැවී ලකුණු 2ක් රැස්කරගෙන සිටියි. අද තරගයේ දෙවැනි දිනයයි.

277258

 



Recommended Articles