ධනංජය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරයි


ඔස්ට්‍රේලියාව සමගින් කොළඹ එස්.එස්.සී.පිටියේදී පැවැත්වෙන  තෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු ධනංජය ද සිල්වා සිය මංගල එක්දින ශතකය වාර්තා කීරීමට මීට සුළු මොහොතකට පෙර සමත් විය. පන්දු 204 කදී වාර්තා වූ ධනංජයගේ ශතකයට 4  පහර 14 ක් අන්තර්ගත විය.

ගාල්ල රිච්මන්ඩ්, කොළඹ මහානාම ,හම්බන්තොට දෙබරවැව ම.ම. විද්‍යාලයේ ආදි සිසුවෙකු වූ ධනංජයගේ පළමු තරගාවලිය මෙය වේ.  මේ අතර මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක දිනේෂ් චන්දිමාල් සිය එකොලොස්වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමටත් සමත්විය.

පන්දු 160 කදී වාර්තා කළ ඔහුගේ අර්ධ ශතකයට 4 පහර 4ක්ද අන්තර්ගත විය. චන්දිමාල් මෙම තරගාවලියේදී වාර්තා කළ පළමු අර්ධ ශතකය මෙය වේ.

249795

 

 
 


Recommended Articles