චන්දිමාල්ට තරග තහනමක් - නායකත්වය මාලිංගට


ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුවාර 20-20 නායක දිනේෂ් චන්දිමාල්ට එක් තරග තහනමක් පැනවීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ඒ ඊයේ (27දා) පැවැති ශ්‍රී ලංකා- එංගලන්ත තරගයේදී ඔහු නියමිත කාලසීමාවට පන්දුවාර යොමු කිරීමට අපොහොසුුත් වූ හෙයිනි.

ඒ අනුව සඳුදා (31දා) නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව මූලික වටයේ මුහුණදෙන තීරණාත්මක තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලසිත් මාලිංගට හිමිව තිබේ. තරග තහනමට අමතරව ඔහුගේ තරග ගාස්තුවෙන් 20%ක මුදලක්ද දඩ වශයෙන් අයකර ගැනීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. 

 



Recommended Articles