චන්දිමාල්ගේ කතාවට සර්ෆාස්ගෙන් උපහාසයක්


පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් කළ ප්‍රකාශයක් මාධ්‍ය අතර දැඩි අවධානයකට යොමුවිය.

ඒ තරග දිනා ගැනීම සඳහා දක්ෂතාව මෙන්ම ආශීර්වාදයත් අවශ්‍ය බව පැවැසීම හේතුවෙනි. එසේම දක්ෂතාව තිබුණත් ඉදිරියට යෑමට ආශීර්වාදය අවශ්‍ය බව චන්දිමාල් සඳහන් කළේය.

“ ඒ කතාව අහපු වෙලාවේ සිට මට හිනා යනවා. මම ඒ ප්‍රකාශයෙන් පුදුම වුණා. මුස්ලිම් ජනතාව ලෙස අපි මෙය විශ්වාස කරන්නේ නෑ. අපේ විශ්වාසය අල්ලා ගැනයි.”

621880-608718-sarfraz-ahmed-wordl-xi-vs-pakistan

 



Recommended Articles