චන්දිමාල්ගේ වරදක් නෑ - කරුණාරත්න


ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ඊයේ (28දා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 93ක් රැස්කරගෙන සිටි දිමුත් කරුණාරත්න දුවද්දී දැවී යෑමකට හසුවිය.

ඒ අනුව චන්දිමාල් හා කරුණාරත්න අතර සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති ලකුණු 100ක සබඳතාව අවසන් විය. කෙසේ වෙතත් තරගයෙන් පසුව පැවැති මාධ්‍ය  හමුවේදී අදහස් දක්වමින් කරුණාරත්න සඳහන් කළේ එය චන්දිමාල්ගේ වරද නොවන බවයි.

“ ඔබ ක්‍රිකට් ක්‍රීඩා කරන විට මේ වගේ දේවල් වෙනවා. එය ක්‍රීඩාවේ අංගයක්. ඒක ඔහුගේ වරද නෙමෙයි. මගෙත් වරද. ඉදිරියට යන්න ගියේ වැඩිය සිතීමකින් තොරවයි” යැයි කරුණාරත්න පැවැසීය.

මෙහිදී කරුණාරත්නට හත්වැනි ශතකයත්, පාකිස්තානයට එරෙහිව අඛණ්ඩව දෙවැනි ශතකයත් රැස්කිරීම තිබූ අවස්ථාව අහිමිවිය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට පදනමක් දමා ගැනීමට හැකිවීම පිළිබඳව සතුටු වෙන බව කරුණාරත්න පැවැසීය.

 111

 

 

 

 



Recommended Articles