චන්දිගේ ගාඩියන්ස් පළමු ජය ලබයි


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී මහේල උඩවත්තගේ නායකත්වයෙන් යුතු කුරුණෑගල ගාඩියන්ස් කණ්ඩායම පරාජය කර අද (27දා) සන්ධ්‍යාවේ පැවැති තරගයෙන් කඩුලු 08 ක ජයක් ලැබීමට දිනේෂ් චන්දිමාල් නායකත්වය ලබාදෙන ගාලු ගාඩියන්ස් කණ්ඩායම සමත්විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන්  ගාලු  ගාඩියන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 129 ක් පමණි. චාමර කපුගෙදර රැස්කළ ලකුණු 20 හැරෙන්න වෙනත් කිසිදු පිතිකරුවෙකුට අවම ලකුණු 20 සීමාව හෝ පසුකිරීමට නොහැකි විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ගෝල් ගාඩියන්ස් කණ්ඩායම ලකුණු 130 ක ජයග්‍රාහී ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී පසුකර යාමට සමත්විය. ගාඩියන්ස් ඉනිමට ජීවයක් ලබාදුන් ළහිරු මිලන්ත පන්දු 43කදී ලකුණු 78 ක් රැස්කළේය. ඊට අමතරව උදාර ජයසුන්දර නොදැවී ලකුණු 39 ක් රැස්කළේය. බිඳවැටුණු කඩුලු දෙකෙහිම හිමිකරුවා චාමර කපුගෙදර විය.

කුරුණෑගල වොරියර්ස් 129/9 (පන්දුවාර 20)

චාමර කපුගෙදර 20 (16, 4x2), කසුන් මධුසංඛ නොදැවී 19 (16, 4x3), ඉශාන් ජයරත්න 19 (19, 6x1), චතුරංග ද සිල්වා 16 (16, 4x1), අජන්ත මෙන්ඩිස් 2/23 (4), ඉසුරු උදාන 1/12 (3)

ගාල්ල ගාඩියන්ස් 130/2 (පන්දුවාර 16.3)

ළහිරු මිලන්ත 78 (43, 4x5, 6x7), උදාර ජයසුන්දර නොදැවී 39 (43, 4x2), ඉසුරු උදාන නොදැවී 07 (6, 4x1), චාමර කපුගෙදර 2/14 (2.3)



Recommended Articles