චන්දිකව නිදහස් කර ගැනීමට වැඩ අරඹයි


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් චන්දික හතුරුසිංහ මහතා බඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට කටයුතු ආරම්භ කර තිබේ.

ඒ අනුව ඔහුව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ගිවිසුමෙන් නිදහස් කර ගැනීමට අදාළ සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

හතුරුසිංහ බංග්ලෝදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරමින් සිටියදී මීට දින කිහිපයට පෙර ඔහු එයින් ඉල්ලා අස්විය.

13-20141018-Mumit-M0113



Recommended Articles