චන්දිකගේ පළමු තරගාවලිය බංග්ලාදේශයට එරෙහිව


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2018 වසරේ සහභාගිවන පළමු තරගාවලිය ලෙස සිම්බ්බාව්වේ, බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර බංග්ලාදේශයේදී පැවැත්විමට නියමිත තුන්කොන් එක්දින තරගාවලිය බවට පත්ව ඇත.

තුන්කොන් එක්දින තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ටෙස්ට් හා විස්සයි20 තරගාවලියක්ද පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා නව පුහුණුකරු චන්දික  හතුරුසිංහ පත්වීමෙන් පසුව ඔහු ශ්‍රී ලංකාව මෙහෙයවන පළමු තරගාවලිය මෙය වෙයි.බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු පුහුණුකරු වන්නේ චන්දික හතුරුසිංහයි.

බංග්ලාදේශ කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර ජනවාරි 15 දා පැවැත්වීමට නියමිත එක්දින තරගයෙන් තුන්කොන් තරගාවලිය ආරම්භ වෙයි.

තුන්කොන් එක්දින තරගාවලියේ කාල සටහන

ජනාවාරි 15 - සිම්බාබ්වේ  - බංග්ලාදේශය

ජනවාරි 17 - සිම්බාබ්වේ - ශ්‍රී ලංකාව

ජනවාරි 19 - බංග්ලාදේශය - ශ්‍රී ලංකාව

ජනවාරි 21 - ශ්‍රී ලංකාව - සිම්බාබ්වේ

ජනවාරි 23 - බංග්ලාදේශය- සිම්බාබ්වේ

ජනවාරි 25 - බංග්ලාදේශය - ශ්‍රී ලංකාව

ජනවාරි 27 - අවසන් මහ තරගය

ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය

ජනවාරි 31 - පෙබරවාරි 4 - පළමු ටෙස්ට් තරගය

පෙබරවාරි 8 - පෙබරවාරි 12 - දෙවැනි ටෙස්ට් තරගය

ශ්‍රී ලංකා බංග්ලාදේශ විස්සයි20 තරගාවලිය

පෙබරවාරි 15 - පළමු විස්සයි20 තරගය

පෙබරවාරි 18 - දෙවැනි විස්සයි20  තරගය

13-20141018-Mumit-M0113



Recommended Articles