ගොල්ඩ් කෝස්ට් දිනූ බර ඉසිලීමේ ක්‍රීඩකයන්ට උපහාර


ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවරදී පසුගිය මස අවසන් වූ 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ (10දා) රාත්‍රියේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා බර ඉසිලීමේ සංගමය මගින් සංවිධානය කරනු ලැබූ මෙම උත්සවයේදී ශ්‍රී ලංකාව දිනූ එකම රිදී පදක්කමේ හිමිකරුවා වූ ඉන්දික දිසානායක, ලෝකඩ පදක්කම් දිනූ හංසනී ගෝමස් හා චතුරංග ලක්මාල් සම්මානයට පාත්‍ර වූහ. මීට අමතරව බර ඉසිලීමේ ක්‍රීඩාව නියෝජනය කරමින් මෙම ක්‍රීඩා උළෙලට සහභාගි වූ සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම පුහුණුකරුවෝද ඇගයිණි.

මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය මෙන්ම පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා, බර ඉසිලීමේ සංගමයේ සභාපති නාලක හේවාමද්දුම හා ලේකම් අජිත් තමෙල් යන මහත්වරුන් ඇතුළු එම සංගමයේ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ

_KSR5467 _KSR5471 _KSR5480 _KSR5482 _KSR5484 _KSR5486 _KSR5488 _KSR5489 _KSR5491 _KSR5493 _KSR5495 _KSR5497

 



Recommended Articles