ගුවන් හමුදාව පළමු ජය හිමිකර ගනියි


ඩයලොග් අන්තර්සමාජ ලිග් රග්බි තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් විය. ඒ තරගාවලියේ තෙවැනි සතියේ පොලිස් කණ්ඩායමට එරෙහිව සහභාගි වූ තරගයෙන් ලකුණු 15-07 ක් ලෙස ජය හිමි කර ගනිමිනි.

රත්මලාන ගුවන් හමුදා පිටියේදී පැවති තරගයේ පළමු අර්ධයේ පටන් කණ්ඩායම් දෙකෙන්ම තරගකාරි ක්‍රීඩා රටාවක් දක්නට ලැබුණද  එම අර්ධයේදීද ගෝල දිනුමක් සාර්ථක කර ගත් ගුවන් හමුදා ක්‍රීඩකයෝ ලකුණු 07-00 ක් ලෙසින් ඉදිරියෙන් පසුවූහ.

දෙවැනි අර්ධයේදීද ගුවන් හමුදාව උත්සාහක දිනුමක් හා  දඩුවම් පහරක් සාර්ථක කර ගත් අතර පොලිස් කණ්ඩායමට එහිදි සාර්ථක කර ගත හැකිවූයේ එක් ගෝල දිනුමක් පමණි

IMG_2340 IMG_2345 IMG_2349 IMG_2351 IMG_2354 IMG_2368 IMG_2373 IMG_2387 IMG_2392 IMG_2402 IMG_2407

 

 

ඡායාරූප - ඕෂිත වරකපිටිය

 



Recommended Articles