ගුණරත්නට සමස්ත ඉන්දීය තරගාවලියම අහිමිවෙයි


ඉන්දීය කණ්ඩායම හා ගාල්ලේදි පැවැත්වෙන ටෙස්ට් තරගයේ පළමු දිනය වූ ඊයේ (26දා) ආබාධයකට ලක්වූ අසේල ගුණරත්නයට ශ්‍රී ලංකාව හා ඉන්දීය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සියල්ලම අහිමි වෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ශිකර් දවාන්  ලබාදුන් උඩපන්දුවක් ස්ලිප් හි පන්දු රකිමින් සිටි අසේල ගුණරත්න රැක ගැනීමට උත්සාහ කිරිමේද ඔහුගේ වම් මාපටඟිල්ල ආබාධයකට ලක්විය. ඒ අනුව අසේල ඊයේ (26දා) සවස කොළඹදී ශල්‍ය කර්මයකට භාජනය කළ අතර එහි වෛද්‍ය උපදෙස් අනුව සති 6-8ක කාලයක් ඔහුට විවේකය නිර්දේශ කර තිබේ.

ඒ අනුව අසේලට ඉන්දීය තරගාවලියේ ඉතිර තරග සියල්ලම අහිමි වෙනු ඇත.

 

 



Recommended Articles