ගාසිට - උටේසේයාට පන්දු යැවීම තහනම්


සිම්බාබ්වේ කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක ප්‍රොස්පර් උටේසේයා හා බංගලාදේශයේ දගපන්දු යවන ක්‍රීඩක සොහැග් ගාසි වහාම ක්‍රියාත්මක වන පරිදි අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ පන්දු යැවීම තහනම්කර තිබේ.

ඒ ඔවුන් දෙදෙනාගේ පන්දු යැවීමේ ඉරියව්ව අංශක 15 රීතිය කඩකරන හෙයිනි.

සොහැග් ගාසිගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට පසුගිය අගෝස්තු මාසයේදී කොදෙව් තරගාවලියේදී චෝදනා එල්ලවූ අතර අයි.සී.සී. ය විසින් ඒ බව තහවුරු කර තිබේ. ඒ අනුව ඔහුට අන්තර්ජතික ක්‍රිකට් පිටියේ පන්දු යැවීම තහනම් වනු ඇත.

උටේසේයාගේ ඉරියව්ව පිළබඳව ඉදිරියේදී කාඩිෆ් විශ්ව විද්‍යාලයේ පරීක්ෂණය කිරීමට නියමිතය.

ප්‍රොස්පර් උටේසේයා

සොහැග් ගාසි

 

 



Recommended Articles