කෞෂාල්ට පරීක්ෂණ කිහිපයක්


පල්ලෙකැලේ පිටියේදී පුහුණුවීම් සිදුකරමින් සිටින අතර තුළ පන්දුවක් හිසේ වැදීමෙන් ආබාධයකට ලක්වූ පිතිකරු කෞෂාල් සිල්වාගේ තත්ත්වය පිළිබඳව තවත් පරීක්ෂණ කිහිපයක් අද (25දා) දිනයේදී සිදුකිරීමට නියමිත බව ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව පෙ.ව. 11.00ට පමණ මෙම පරීක්ෂණ කරන බවයි ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙකු පැවැසුවේ. එම පරීක්ෂණ වලින් ලැබෙන වාර්තා අනුව කෞෂාල් රෝහලෙන් පිටත්වීම තීරණය වෙනු ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවැසුවා.

 



Recommended Articles