එස්.එස්.සී. ක්‍රීඩා සමාජය පරාජය කර 2014/15 තරග වාරයේ ප්‍රිමියර් ලීග් ශූරතාව හිමිකර ගැනීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජය අද (21දා) සමත්විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් තරගයෙන් කෝල්ට්ස් කණ්ඩායම හමුවේ ලකුණු 56කින් එස්.එස්.සී. ක්‍රීඩා සමාජය පරාජය විය.
කෝල්ට්ස් කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 252ක ඉලක්කයට පිළිතුරු ලෙස එස්.එස්.එසී. කණ්ඩායමට පන්දුවාර 41.3කදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 195ක් පමණි. ධනුෂ්ක ගුණතිලක (40), තිසර පෙරේරා (37) හා තිළිණ කණ්ඩම්බි (34) හැරෙන්න වෙනත් කිසිඳු පිතිකරුවෙකුට කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාහැකි ඉනිමක් ගොඩනැගීමට නොහැකි විය. මහේල ජයවර්ධනට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 02ක් පමණි. කෝල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් නුවන් කුලසේකර හා ශෙහාන් ජයසූරිය කඩුලු හතර බැගින් දවාලමින් පන්දු යැවීමෙන් දක්‍ෂතා දැක්වූහ.
එස්.එස්.සී. කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් කෝල්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 251/9 රැස්කිරීමට සමත්විය. පන්දුවට පහරදීමෙන් කුසල් ජනිත් (55) හා භානුක රාජපක්‍ෂ (80) දක්‍ෂතා දැක්වූහ.
කෝල්ට්ස් 251/9 (පන්දුවාර 50)
සදීර සමරවික්‍රම 8 (පන්දු 16, 4x1)
කුසල් ජනිත් 55 (පන්දු 67, 4x6)
ශෙහාන් ජයසූරිය 5 (පන්දු 15, 4x1)
භානුක රාජපක්‍ෂ 80 (පන්දු 74, 4x7, 6x4)
රොෂේන් සිල්වා 40 (පන්දු 61, 4x2, 6x1)
සචිත් පතිරණ 4 (පන්දු 6)
ප්‍රියමාල් පෙරේරා 4 (පන්දු 16)
නුවන් කුලසේකර 22 (පන්දු 28, 4x2)
ඉශාන් ජයරත්න නොදැවී 13 (පන්දු 12, 4x1)
අනුක් ප්‍රනාන්දු 2 (පන්දු 4)
අකිල ධනංජය නොදැවී 1 (පන්දු 1)
එස්.එස්.සී. පන්දු යැවීම
තිසර පෙරේරා 5/34 (පන්දුවාර 3)
බිනුර ප්‍රනාන්දු 3/40 (පන්දුවාර 9)
කඩුලු වැටීම
එස්.එස්.සී. 195/10 (පන්දුවාර 41.3)
මිනොද් භාණුක 4 (පන්දු 7)
ධනුෂ්ක ගුණතිලක 40 (පන්දු 64, 4x3)
මහේල ජයවර්ධන 2 (පන්දු 4)
තරංග පරණවිතාන 20 (පන්දු 24, 4x1, 6x1)
තිළිණ කණ්ඩම්බි 34 (පන්දු 56, 4x2)
දසුන් ශානක 28 (පන්දු 40, 4x1, 6x2)
තිසර පෙරේරා 37 (පන්දු 30, 4x4, 6x1)
රමේෂ් මෙන්ඩිස් 16 (පන්දු 14, 4x1, 6x1)
බිනුර ප්‍රනාන්දු 9 (පන්දු 6, 6x1)
කසුන් මධුසංඛ නොදැවී 1 (පන්දු 1)
ජෙෆ්රි වැන්ඩර්සෙ 0 (පන්දු 3)
කෝල්ට්ස් පන්දු යැවීම
නුවන් කුලසේකර 4/30 (පන්දුවාර 8)
ශෙහාන් ජයසූරිය 4/33 (පන්දුවාර 8)
ඉශාන් ජයරත්න 2/46 (පන්දුවාර 8.3)
කඩුලු වැටීම
කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායම

