කොදෙව් මැදපෙළ ශක්තිමත් වෙයි


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර කොදෙව්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙමින් සිටින කොදෙව් කණ්ඩායම පන්දුවාර 84කදී කඩුලු 6ට ලකුණු 246ක් රැස්කර ගැනීමට සමත්විය.

කොදෙව් කණ්ඩායමේ මුල් කඩුලු පහ ලකුණු 137ක් තුළ දැවී ගියත් ෂායි හෝප් හා ඕ. ඩොව්රිච් හය වැනි කඩුල්ලට ලකුණු 90ක සබඳතාවක් පවත්වමින් කොදෙව් ඉනිම ශකතිමත් කළහ.

ලකුණු 40ක් තුළ මුල් කඩුලු දෙක දැවී ගියත් මැදපෙළ පිතිකරුවන් කොදෙව් ඉනිම ශක්තිමත් කළහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ ළහිරු කුමාර කඩුලු 3ක් දවා ගැනීමට සමත්විය.

266277

 



Recommended Articles