(VIDEO) විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී කොදෙව් කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් කොදෙව් කණ්ඩායම පරාජය කර තියුණු ජයක් ලැබීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත්වූයේය.
කොදෙව් කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ එකම පරාජයත් එය විය. මෙම සතුට සැමරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කටයුතු කරන අවස්ථාවේදී එයට එක්වූ ගෙල්ද ඔවුන් සමග ඇෆ්ගන් ජය සැමරීය. ක්‍රිස් ගේල් හා කෙදෙව් කණ්ඩායමේ නිර්ව්‍යාජත්වය මෙයින් මොනවට පැහැදිලි වෙන බවයි විදෙස් මාධ්‍ය මෙම සිදුවීම වාර්තා කරමින් පැවැසුවේ.