කොදෙව් ක්‍රීඩිකාවෝ තරගාවලිය සම කරති


සත්කාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජය කර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ (25දා) පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 08 ක ජයක් ලැබීමට සංචාරක කොදෙව් කාන්තා කණ්ඩායම සමත්විය. 

මෙම ජයග්‍රහණයත් සමග ඔවුන්ට තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය තරග 1-1 ලෙස සමකිරීමට හැකිවිය. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ රැස්කිරීමට හැකිවූයේ ලකුණු 124/5 ක් පමණි. 

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කොදෙව් කාන්තා කණ්ඩායම ලකුණු 125 ක ජයග්‍රාහී ඉලක්කය තරගයේ 18.5 වැනි පන්දුවාරයේදී පසුකර යාමට සමත්විය. දෙරට අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් තරගය අද (26දා) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ. 

ශ්‍රී ලංකාව 124/5 (පන්දුවාර 20)

ඩිලානි මනෝදර 30 (34), චමරි අතපත්තු 27 (19),  ශෂිකලා සිරිවර්ධන 26 (32), නිපුනි හංසිකා 21 (26), ඒශානි කෞෂල්‍ය 13 (8), ස්ටෙෆානි ටේලර් 2/20 (4), හායිලි මැතිව්ස් 1/20 (4), අනිසා මොහොමඩ් 1/28 (4)

බ.ඉ. කොදෙව් 125/2 (පන්දුවාර 18.5)

ස්ටෙෆානි ටේලර් නොදැවී 59 (49), ඩෙන්ඩ්‍රා ඩෝට්න් 51 (45), උදේශිකා ප්‍රබෝධනී 1/25 (3.5), මධුරි සමුද්ධිකා 1/33 (4)

 



Recommended Articles