කොදෙව්වන්ට ලකුණු 244ක ඉලක්කයක්


සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 206කට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නෝ අද (24දා) සමත්වූයේය. ඒ අනුව ඔවුන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 244ක ඉලක්කයක් හිමිවිය.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 200ක් රැස්කළ අතර එයට පිළිතුරු ලෙස කොදව්වන්ට රැස්කළ හැකි වූයේ ලකුණු 163ක් පමණි.

ඒ අනුව ලකුණු 37ක වාසියක් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම ආරම්භ කළත් එය ලකුණු 206කට සීමාවිය.

ඒ අනුව කොදව්වන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 244ක ඉලක්කයක් හිමි වූ අතර තෙවැනි දිනයට අයහපත් ආලෝකය හේතුවෙන් තරගය නිමා කරන විට විට ඔවුහු එක් කඩුල්ලකට ලකුණු 20ක් රැස්කරගෙන සිටිති.



Recommended Articles