කුසල් පෙරේරා ආබාධයකට - තරග 2ක් අහිමියි


ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියට නම් කර සිටි කුසල් පෙරේරාට එම තරගාවලියේ පළමු තරග දෙක අහිමිවෙනු ඇති බව වාර්තා වෙයි.

ඊයේ (22දා) බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවැති තරගයේදී ඔහු කළවයේ ආබාධයකට  ලක්ව තිබේ.ඊයේ පැවැති තරගයේදී ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි කුසල් පෙරේරා අර්ධ ශතකයක් වාර්තා කිරිමටත් සමත්විය.

කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායම හා පැවැත්වෙන තෙවැනි එක්දින තරගයට කුසල්ට ක්‍රීඩා කළ හැකි වෙනු ඇති බව වාර්තා වෙයි.

 

 



Recommended Articles