කුසල්ගේ වාර්තා කල් යයි


තහනම් උත්තේජන චෝදනාවලට ලක්ව වසර 4 ක තාවකාලික තරග තහනමකට ලක්ව සිටින ශ්‍රී ලකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාගේ පරීක්ෂණ වාර්තා ලැබීම ප්‍රමාද වන බව 'අද' ට වාර්තා වේ.

මීට පෙර අදාළ වාර්තා අද (20දා) ක්‍රිකට් ආයතනය වෙත ලැබීමට නියමිත බව පැවසුණු අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසා සිටියේ, අදාළ පරීක්ෂණ වාර්තා මේ වනතෙක් ක්‍රිකට් ආයතනය වෙත ලැබී නොමැති බවත්, ඒ පිළිබඳව කිසිදු දැනුවත් කිරීමක් සිදුවී නොමැති බවත්ය. 



Recommended Articles