කැරිබියන් කිරුළ නයිට් රයිඩර්ස් කණ්ඩායමට


බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැති කැරිබියන් ප්‍රිමියර්  ලීග විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 2017 කිරුළ හිමිකර ගැනීමට ඩ්වේන් බ්‍රාවෝගේ නායකත්වයෙන් යුත් ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්විය.

ඒ ක්‍රිස්ගේල්ගේ නායකත්වයෙන් යුත් ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම කඩුලු තුනකින් පරාජය කරමිනි.

නයිට් රයිඩර්ස් කණ්ඩායම මෙවන කිරුළ දිනාගත්තේ 2 වැනි අවස්ථාවටයි. මුලින්ම පන්දුවට පහරදුන් ශාන්ත කිට්ස් කණ්ඩායම ලකුණු 135ක් රැස්කළ අතර එම ඉලක්ක්ය  පන්දුවාර 19කදී කඩුලු 7ක් පමණක් වැය කර යෑමට නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්විය.

  

 



Recommended Articles