දිනය අවසානයේ සිම්බාබ්වේ කඩුලු 8කට ලකුණු 344යි


UPDATE සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ  කණ්ඩායම අද දිනය නිමා වන විට කඩුලු 08ක් බිඳ වැටී ලකුණු 344ක් ලබා ගත්තේය.

විශේෂයෙන් සිම්බාබ්වේ ඉනිම වෙනුවෙන් දිනය අවසාන වනවිට ක්‍රේග් අර්වින් නොදැවී ලකුණු 151 ලබා ගෙන සිටින අතර ඩොනල්ඩ් ටිරිපානෝ නොදැවී ලකුණු 24ක් ලබාගෙන සිටී.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීමේදී රංගන හේරත් කඩුුලු 4ක්, ගුණරත්න කඩුලු 2ක්, කුමාර සහ පෙරේරා එක් කඩුල්ල බැඟින් බිඳ දැමූහ. හෙට (15) තරඟයේ දෙවන දිනයයි.

1 2


සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය අද (14දා) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.

ඒ අනුව අද තරඟයේ කාසියේ වාසිය දිනා ගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම තෝර ගන්නා ලදී.

මෙහිදී සිම්බාබ්වේ කණ්ඩායමේ ටසාරි මුසකන්ඩා අද ටෙස්ට් වරම් දිනා ගනිමින් තරඟ කරයි.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය

දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග (උපනායක), ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, ලක්‍ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර

සිම්බාබ්වේ සංචිතය

ග්‍රැහැම් ක්‍රිමර් (නායක), රයන් බර්ල්, රෙජිස් චකබ්වා, ටෙන්ඩායි චටාරා, ක්‍රේග් අර්වින්, හැමිල්ටන් මසකඩ්සා, පීටර් මුවර් (කඩුලු රකින්නා), ක්‍රීස් මෝෆු, කාල් මුම්බා, ටරිසායි මුසකන්ඩා, නම්සායි මිෂන්ග්වේ, සිකන්දර් රාසා, ඩොනල්ඩ් ටිරිපානෝ, මැල්කම් වොලර්, නේදන් වොලර්, ෂෝන් විලියම්ස්.



Recommended Articles