නාමල් කාශ්මීරයේ රග්බි පුහුණුව අරඹයි


(UPDATE) කාශ්මීරයේ කාත්නා රග්බි කණ්ඩායමක් වෙනුවෙන් දුන් පොරෙන්දුවට ඉටුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු රග්බි ක්‍රීඩකයෙක් වන නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත රග්බි පුහුණුවීම් ආරම්භ කර තිබේ.

නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් පවත්වන මෙම රග්බි පුහුණුව සඳහා පුහුණුකරුවන් 6ක් එක්ව ඇති අතර ජම්මු කාශ්මීරයේ රග්බි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60කට පමණ මග පෙන්වීම් සිදුකරයි.

මෙම පුහුණුවට එක්විම සඳහා මන්ත්‍රීවරයා පසුගිය සෙනසුරාදා කාශ්මීරය බලා පිටත්ව ගිය අතර එය ඔහු කාශ්මීරය වෙත පැමිණි පළමු අවස්ථාව වෙයි.

දින හතක් පුරා මෙම පුහුණු වැඩසටහන පැවැත්වීම නියමිතය. රග්බි පුහුණුවට සමගාමීව ජම්මු කාශ්මීරයේ දේශපාලන නායකයන් හා ප්‍රභූන් සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා සඳහාද මන්ත්‍රීවරයා එක්ව තිබේ.

නාමල් රාජපක්ෂ හිටපු රග්බි ක්‍රීඩකයෙක් වන අතර ඔහු 19 න් පහළ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකත්වයද දරා ඇත. ක්‍රීඩා සමාජ මට්ටමින් රග්බි ක්‍රීඩා කර ඇති මන්ත්‍රීවරයා මේ වන විට සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමේ උපදේශකයෙක් ලෙස කටයුතු කරයි.

Dbcibr1UwAUnWnS DbdE2PMV0AA-try DbeESlSV0AA8i1N DbhDOTgWAAI3squ DbTwNd1VAAAsIXt j-k


2018/04/20

කාශ්මීරයේ කාන්තා රග්බි ක්‍රීඩාව නැංවීම සඳහා හිටපු රග්බි ක්‍රීඩකයෙක් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වී තිබේ.

කාශ්මීරයේ කාන්තා රග්බි කණ්ඩායමක් සිය ක්‍රිඩා කටයුතු සඳහා උපකාර ඉල්ලන බවට මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග නාමල් රාජපක්ෂ මහතා ඒ සඳහා උපකාර කිරීමට ඉදිරිපත්විය.

ඔවුන් වෙනුවෙන් මුලින්ම පුහුණු සැසියක් පැවැත්විමට නියමිත අතර නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත මේ වන විට පුහුණුකරුවන්ගේ කණ්ඩායමක් කාශ්මීරය වෙත ගොස් තිබේ.

තවත්ම පුහුණු සැසියක් සඳහා මන්ත්‍රීවරයා,ශ්‍රී ලංකා ප්‍රමුඛ පෙළේ හිටපු රග්බි පුහුණුකරුවෙක් වෙන  රොනී ඊබ්‍රහිම් හා කාන්තා රග්බි පුහුණුකාරිණියක් වන ඉරෝෂනී ප්‍රියංගා මහත්මිය හෙට දිනයේදී කාශ්මීරය බලා පිටත්ව යෑමට නියමිතය.

එසේම රග්බි ක්‍රීඩක මෙන්ම නාමල්ගේ සහෝදරයෙක් වන රෝහිත රාජපක්ෂ මහතාත් කාශ්මීරය බලා පිටත්ව යෑමට නියමිතව ඇත.

IMG_9811

 

 

 



Recommended Articles