කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ඉල්ලා අස්වෙයි


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන හේමන්ත දේවප්‍රිය මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

2016 වසරේ පටන් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ දෙවප්‍රිය මහතා පෞද්ගලික හේතු නිසා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. 2018 වසරේ ඔක්තෝබර් මාසය තෙක් ඔහු ගිවිසුම්ගතව සිටියේය.

ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නෙ නව පුහුණුකරුවෙක් ඉදිරියේදී බඳවා ගන්නා බවයි.

hemantha-devapriya

 

 



Recommended Articles